Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආණ්ඩුකාර කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී යුනිචෙලා සහ සැරසන්ස් යන ක්‍රීඩා සමාජ සම ශූරයන් බවට පත්විය.
කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති අවසන් මහ තරගයට වාර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් සම ශූරතාව දෙපිලට ප්‍රදානය කෙරුණි.
පළමුව පන්දුවට පහර දුන් යුනිචෙලා ඉනිමේ 22 වැනි ඕවරයේ සිට තරගයට වර්ෂාවෙන් බාධා වූ අතර මේ නිසා තරගයේ ඉනිමක් ඕවර 40කට සීමා කෙරුණි.
ඒ අනුව යුනිචෙලා කණ්ඩායම කඩුලු 7කට ලකුණු 200ක් රැස් කළ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සැරසන්ස් කණ්ඩායමට ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් යොමුවිය. එහෙත් ඉනිමේ 10 වැනි ඕවරයේදී යළිත් වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග තරගය අවසන් කර දෙපිලටම සම ශූරතාව ප්‍රදානය කෙරුණි.
යුනිචෙලා ඕවර් 40කදී සියලු දෙනා දැවී ලකුණු 200
(තේනුක දේවප්‍රිය 30, තරිඳු දිලංක නොදැවී 63)
සැරසන්ස් ඕවර් 9.1 කදී කඩුලු 4ක ට ලකුණු 44
(විනුජ රණසිංහ 23, ඩිල්ෂාන් මෙන්ඩිස් 14/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.