Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිෂ්ක ලී තවමත් පෙරමුණේ

අවිෂ්ක ලී තවමත් පෙරමුණේ

Nisanka Sandeepani - 2017 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විජය පුවත්පත් සමාගමේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත වන ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සහ ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම එක්ව ක්‍රියාත්මක කරන ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමේ තරගයේ නවවැනි සතියේදී වෙස්ලි විදුහලේ අවිෂ්ක ලී කිසිඳු තරගයකින් තොරව වැඩි ඡන්ද 1830 කින් ඉදිරියෙන් සිටියේය.

අවිෂ්ක ලී නවවැනි සතියේ ඡන්ද 169 ක් ලබා සමස්ත ඡන්ද 2728 ක් ලබා හිමිකරගෙන සිටියේය. 

දෙවැනි ස්ථානයේ සිටින කොළඹ ආනන්ද විදුහලේ සසිඳු රත්නවීර නවවැනි සතියේ ඡන්ද 238 ක් ලබමින් ඡන්ද 898 ක් හිමිකරගෙන තිබේ.

ජනප්‍රියම ක්‍රීඩකයා තරගයට මේ වන විට ක්‍රීඩකයන් 32 ක් ඇතුළත්ව සිටින අතර එයින් ක්‍රීඩකයන් 9 දෙනකු ඡන්ද 100 පසු කර තිබේ. 

වෙස්ලි විදුහල ඡන්ද 2725 ක් ලබා ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම තේරීමේ තරගයේ තව දුරටත් පෙරමුණ හිමිකරගෙන සිටියි. 

ආනන්ද විදුහල ඡන්ද 943 ක් ලබා දෙවැනි ස්ථානයේ තව දුරටත් රැදී සිටියි. 

අප්‍රේල් මස 23 වැනිදා සිට සති 15 ක් මෙම තරගය ක්‍රියාත්මක වන අතර ලබන ජූලි මස 30 වැනිදා අවසන් වීමට නියමිතය.

විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශන වන ‘ඬේලි මිරර්, ‘දිනපතා ලංකාදීප’ සහ ‘අද’ යන පුවත්පත්වල මෙම තරගයේ කූපන සති 15 ක් පළවේ. 

පුවත්පත්වල පළවන කූපන සම්පූර්ණ කර ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00 ට පෙර විජය පුවත්පත් සමාගමට බාර දිය යුතුය. 

ප්‍රතිඵල ලේඛණය

ජනප්‍රියම ක්‍රීඩකයා
ක්‍රීඩකයා ඡන්ද
අවිෂ්ක ලී (බොරැල්ල වෙස්ලි විදුහල) 2728
සසිඳු රත්නවීර (කොළඹ ආනන්ද විදුහල) 898
සුමුදු රන්කොත්ගේ (ඉසිපතන විදුහල) 560
ඔවින් ඇස්කි (කොළඹ රාජකීය විදුහල) 355
යුස්රාන් ලන්ත්‍රා (මරදාන සහිරා විදුහල) 179
ප්‍රවීන් රණසිංහ (ශාන්ත ඇලෝසියස් විදුහල) 149
චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විදුහල) 121
කසුන් අමරසිංහ (කොළඹ නාලන්දා) 111
රිෂ්මාල් ප්‍රනාන්දු (කොළඹ රාජකීය විදුහල) 102
ජනප්‍රියම පාසල
පාසල ඡන්ද
වෙස්ලි විදුහල 2725
ආනන්ද විදුහල 943
ඉසිපතන විදුහල 728
කොළඹ රාජකීය විදුහල  550
සාන්ත තෝමස් විදුහල 190
මරදාන සහිරා විදුහල 181

කූපන් යොමු කළ ජයග්‍රාහකයෝ:
1. බී. එස්. ඩී. ලියනගේ, නො. 86/9, පිටවලවත්ත, ගෙලිඔය 
2. චානුක ප්‍රනාන්දු, නො. 62, පුෂ්පාරාම පාර, පොතුපිටිය, වාද්දුව
3. ඩන්කන් ද සිල්වා, නො. 54/2, ගැමුණු මාවත, හුණුපිටිය, වත්තල


- 048


අදහස් (0)

අවිෂ්ක ලී තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.