Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විජය පුවත්පත් සමාගමේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත වන ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සහ ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම එක්ව ක්‍රියාත්මක කරන ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමේ තරගයේ හයවැනි සතිය අවසන් වන විට වෙස්ලි විදුහලේ අවිෂ්ක ලී තව දුරටත් පෙරමුණ ආරක්‍ෂා කර ගැනීමට සමත්ව සිටියේය.
අවිෂ්ක ලී මේ වන විට ඡන්ද 2383 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. දෙවැනි ස්ථානයේ සිටින කොළඹ ආනන්ද විදුහලේ සසිඳු රත්නවීර ඡන්ද 454 ක් ලබා සිටියි. අවිෂ්ක සහ සසිඳු අතර ඡන්ද පරතරය 1929 කි.
වෙස්ලි විදුහල ඡන්ද 2380 ක් ලබා ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම තේරීමේ තරගයේ පෙරමුණ හිමිකරගෙන සිටියි. ඉසිපතන විදුහල ඡන්ද 490 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. අප්‍රේල් මස 23 වැනිදා සිට සති 15 ක් මෙම තරගය ක්‍රියාත්මක වන අතර ලබන ජූලි මස 30 වැනිදා අවසන් වීමට නියමිතය.
විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශන වන ‘ඬේලි මිරර්, ‘දිනපතා ලංකාදීප’ සහ ‘අද’ යන පුවත්පත්වල මෙම තරගයේ කූපන සති 15 ක් පළවේ.
පුවත්පත්වල පළවන කූපන සම්පූර්ණ කර ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00 ට පෙර විජය පුවත්පත් සමාගමට බාර දිය යුතුය.
ප්‍රතිඵල ලේඛණය
ජනප්‍රියම ක්‍රීඩකයා | |
ක්‍රීඩකයා | ඡන්ද |
අවිෂ්ක ලී (බොරැල්ල වෙස්ලි විදුහල) | 2383 |
සසිඳු රත්නවීර (කොළඹ ආනන්ද විදුහල) | 454 |
සුමුදු රන්කොත්ගේ (ඉසිපතන විදුහල) | 379 |
ඔවින් ඇස්කි (කොළඹ රාජකීය විදුහල) | 265 |
යුස්රාන් ලන්ත්‍රා (මරදාන සහිරා විදුහල) | 160 |
ප්‍රවීන් රණසිංහ (ශාන්ත ඇලෝසියස් විදුහල) | 128 |
රිෂ්මාල් ප්‍රනාන්දු (කොළඹ රාජකීය විදුහල) | 68 |
චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විදුහල) | 64 |
ඩිලාන් සාලින්ද (බොරැල්ල වේළුවන විදුහල) | 44 |
ෂෙවෝන් ග්‍රෙගරි (ශාන්ත ජෝශප් විදුහල) | 38 |
ජනප්‍රියම පාසල | |
පාසල | ඡන්ද |
වෙස්ලි විදුහල | 2380 |
ඉසිපතන විදුහල | 490 |
ආනන්ද විදුහල | 454 |
කොළඹ රාජකීය විදුහල | 398 |
මරදාන සහිරා විදුහල | 162 |
කූපන් යොමු කළ ජයග්‍රාහකයෝ:
1. කුෂාන් ජයසිංහ, නො. 111/27, කිරුළ පාර, නාරහේන්පිට, කොළඹ 05
2. නලිනි ද ලිවේරා, නො. 390/42, නැගෙනහිර කටුවාපිටිය, මීගමුව
3. හේෂාන් නම්මුනිගේ, නො. 239/2, ටෙම්පල්ස් පාර, උඩුවන, හෝමාගම
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.