බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාජෂායි කිංග්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය කුල්නා ටයිටන්ස් පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ අරිෆුල් හක් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහමදුල්ලා පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් කුල්නා ඉනිමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. රිලී රූසොව් (20) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මහමදුල්ලා සමත් වූ අතර පන්දු 17 කදී වාර්තා වූ රූසොව්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය.
කුල්නා ඉනිමේ තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි සීක්කුගේ ප්‍රසන්නට පන්දු 5 කදි හතරේ පහරක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.
එහිදී රාජෂාහි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් සාමි ඕවර 4 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත්තද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඞ්වේන් ස්මිත් පන්දු 36 කදී ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. මුෂ්ෆකුර් රහීම් (55) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්මිත් සමත් විය. පන්දු 33 කදී වාර්තා වූ රහීම්ගේ අර්ධ ශතකයට හතරේ හයේ පහර 3 ක් සහ පහර 4 ක් ඇතුළත් විය.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ජුනේඞ් ඛාන් ලකුණු 27 ට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් අබූ ජයේද් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.
රාජෂායි කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166
(ඞ්වේන් ස්මිත් 62, මුෂ්ෆකුර් රහීම් 55, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් නොදැවී 29, ජුනේඞ් ඛාන් 27/4, අබූ ජයේද් 29/2)
කුල්නා ටයිටන්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 8 ක් දැවී 168
(රිලී රූසොව් 20, මහමදුල්ලා 56, අරිෆුල් හක් නොදැවී 43, මොහොමඞ් සාමි 29/3, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.