Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අපේ අරමුණ අවසන් තරගයට පිවිසීමයි

අපේ අරමුණ අවසන් තරගයට පිවිසීමයි

editorial - 2022 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක ඩුබායි නුවර අල් අයින්හි සිට..)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අල් අයින් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වන්නේ අවසන් මහ තරගයට පිවිසීම යැයි කණ්ඩායමේ පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහීම් මහතා පැවසීය.
 
තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඊබ්‍රහීම් මහතා ඒ බව කියා සිටියේය. ඊයේ (24 වැනිදා) රාත්‍රියේ ඩුබායි නුවර වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම, තවත් පැය කිහිපයක ගමනකින් පසුව තරගාවලිය පැවැත්වෙන අල් අයින් ප්‍රදේශයට ලඟා විය.

“අපේ අරමුණ අවසන් තරගයට පිවිසීමයි. එය අපි හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. ඒ වගේම කොරියාවෙදි පැවැති දෙවැනි අදියරට වඩා මෙම අදියර තරගකාරීත්වයෙන් ඉහළ මට්ටමක තියෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ඊබ්‍රහීම් මහතා සඳහන් කළේය.

‘ඒ’ කාණ්ඩය යටතේ මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේදී චීනය, මැලේසියාව සහ හොං කොං රාජ්‍යයට එරෙහිව තරග වැදීමට නියමිතය. කොරියාවේදී පැවැති දෙවැනි අදියරේදී චීනය පරාජය කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව, හොං කොං රාජ්‍යය හමුවේ පරාජයට පත් විය.

“අවසන් මහ තරගය කරා යන ගමනේදි අපිට මුණගැහෙන විශාලම බාධක දෙකක් විදියට හොං කොං රාජ්‍යය සහ චීනය හඳුන්වන්න පුළුවන්. මූලික වටයේදි ඒ බාධක දෙක පරාජය කරන්න අපිට පුළුවන් වුණොත් අපිට අවසන් තරගයට පිවිසෙන්න තියෙන අවස්ථාව වැඩි වේවි.” යැයිද ඊබ්‍රහීම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය දිනවලදී කලවේ ආබාධයකට ලක්ව සිටි නයිජල් රත්වත්තේද මේ වන විට එම ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා සිටින බැවින් තරගාවලියට සාර්ථක ලෙස මුහුණදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රවීන සහ නවක ක්‍රීඩකයන්ගේ හොඳ සංයුතියක් පවතින බවද පුහුණුකරු දැඩි විශ්වාසයකින් යුතුව පැවසීය.

 


අදහස් (0)

අපේ අරමුණ අවසන් තරගයට පිවිසීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.