Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ඉසිපතනයට

අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ඉසිපතනයට

editorial - 2023 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ වයස අවුරුදු 18 න් පහළ සත් සාමාජික අන්තර් පාසල් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 21-00 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ ඉසිපතන ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමාවට පත්වන විට තරගයේ පෙරමුණ ගත්හ. දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වූ ඉසිපතන ක්‍රීඩකයෝ, තරගය පුරා රාජකීය විදුහලට එක් ලකුණක් හෝ රැස්කිරීමට ඉඩක් නොදීමටද වග ලබාගත්හ.

අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 19-12 ක් ලෙස ජය වාර්තා කරමින් ඉසිපතන විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. රාජකීය විදුහල අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 12-05 ක ජයක් වාර්තා කරමිනි.

තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට ලකුණු 19-17 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කළ කොළඹ ඩී.එස්. සේනානානයක විදුහල සමත් විය. ලකුණු 12-07 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කළ මහනුවර කිංග්ස්වුඩ් විදුහල බඳුන ශූරතාව දිනාගනිද්දී, ලකුණු 27-00 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කළ කොළඹ මහානාම විදුහල පලිහ ශූරතාවට හිමිකම් කීවේය.


කුසලාන ශූරතාව
අර්ධ අවසන් පූර්ව වටය
කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 28-12 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 29-07 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරන ලදි.
මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 19/12 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.
කොළඹ රාජකීය විදුහල විසින් ලකුණු 12/10 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.


අවසන් පූර්ව වටය
කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 19-12 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
කොළඹ රාජකීය විදුහල විසින් ලකුණු 12-05 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.


අවසන් මහ තරගය
කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 21-00 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදි.

 

පළඟ ශූරතාව
අවසන් මහ තරගය
කොළඹ ඩී.එස්. සේනානානයක විදුහල විසින් ලකුණු 19-17 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.
 
බඳුන ශූරතාව
අවසන් මහ තරගය
මහනුවර කිංග්ස්වුඩ් විදුහල විසින් ලකුණු 12-07 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.

පලිහ ශූරතාව
අවසන් මහ තරගය
කොළඹ මහානාම විදුහල විසින් ලකුණු 27-00 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ඉසිපතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.