Last Update  :  2024-05-19 16:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අත්සනක් නැති ලිපියක්

අත්සනක් නැති ලිපියක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විධායක කමිටුවේ අනුමැතියකින් තොරව ජාතික රග්බි තේරීම් කමිටුවට ඇතුළත් කිරීම සඳහා කිහිපදෙනකුගේ නම් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලිපි ශීර්ෂයකින් යුතුව ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකර තිබූ ලිපිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය තීරණය කර ඇතැයි රග්බි ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වලින් දැගන්නට ඇත.

රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ නමින් යුතුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත මේ ලිපිය යොමු කර ඇති බව තහවුරු වී ඇතත් එම ලිපියෙහි රග්බි සංගම් සභාපතිවරයාගේ අත්සන යොදා නොමැතිවීම හේතුවෙන් මෙය කවුරුන් විසින් කරනු ලැබූවක්දැයි නිශ්චිතව සොයා ගැනීමට රග්බි සංගමය මෙතෙක් අසමත්ව සිටී.

මෙම ලිපිය 2018 මාර්තු මස 20 දාතමින් යුතුව ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර තිබේ.

අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රග්බි නව තේරීම් කමිටුවට නම් 5ක් නිර්දේශ කරමින් එම ලිපිය යොමු කර තිබේ. එහි සඳහන් වන ආකාරයට රොහාන් අබේකෝන් මහතා රග්බි තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කිරීමට නිර්දේශ කර ඇත. කපිල නෝටන්, එල්.වී.නානායක්කාර, ලෙස්ලි ද සිල්වා සමග ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉහළ දස්කම් පිළිබඳ අධ්‍යක්ෂවරයා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම් කිරීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉහළ දස්කම් පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඉම්ති මරික්කාර් මහතාගේ නම සඳහන් නොකර ඔහුගේ තනතුර පමණක් සඳහන් කර තිබීම රග්බි සංගමයේ විමතියට කරුණක් වී ඇතැයිද වාර්තා වෙයි.

රග්බි තේරීම් කමිටුව සඳහා සුදුස්සන් නිර්දේශ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කිරීමේදී විධායක කමිටුවේ අනුමැතිය අවශ්‍ය වන අතර එවැනි අනුමැතියකින් තොරව මේ ලිපිය යොමු කර තිබීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට රග්බි සංගමයේ අවධානය යොමුවී ඇතැයි කියැවේ.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම තේරීමේදී තේරීම් කමිටු නිලධාරීන් පැත්ත පළාතක නොසිටි බවටද ක්‍රීඩා සමාජ මෙන්ම ක්‍රීඩකයෝත් චෝදනා කරති.

 


අදහස් (0)

අත්සනක් නැති ලිපියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.