Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news II වැනි වටයට කණ්ඩායම් 32 ක්

II වැනි වටයට කණ්ඩායම් 32 ක්

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ I කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය සඳහා කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබා තිබේ. දෙවැනි වටයේදී එම කණ්ඩායම් 32 කාණ්ඩ 8 ක් යටතේ තරග වැදීමට නියමිතය.


එම කාණ්ඩ අටේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වන කණ්ඩායම් 16 තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය අනුව පැවැත්වේ.


ඉකුත් වසරේ ශූරයන් වූ කොළඹ ආනන්ද විදුහල ‘ඊ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙවර තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටින අතර ඉකුත් වසරේ අනුශූරයන් වූ කොළඹ ඉසිපතන විදුහලට මෙවර දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.


මීගමුව මාරිස්ටෙලා, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ ඩී. එස්. සේනානායක, කොළඹ මහානාම, කොළඹ ආනන්ද, වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස්, මහනුවර ධර්මරාජ, ගාල්ල රිච්මන්ඞ්, යාපනය ශාන්ත ජෝන් යන ගාල්ල ඇලවීෂියස් විදුහල් පළමු වටයේ කාණ්ඩ ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටිති.


සිංගර් සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ පළමු වටයේදී කණ්ඩායම් 75 ක් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ.


‘පී’ කාණ්ඩය -
මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල, කොළඹ වෙස්ලි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල


‘ක්යු’ කාණ්ඩය -
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, පානදුර රාජකීය විදුහල, මීගමුව ශාන්ත පීතර විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල


‘ආර්’ කාණ්ඩය -
කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල


‘එස්’ කාණ්ඩය -
කොළඹ මහානාම විදුහල, පන්නිපිටිය ධර්මරාජ විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල


‘ටී’ කාණ්ඩය -
කොළඹ ආනන්ද විදුහල, ගාල්ල මහින්ද විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කඳනා මැසිනොද් විදුහල


‘යූ’ කාණ්ඩය -
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල


‘වී’ කාණ්ඩය -
මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල


‘ඩබ්ලිව්’ කාණ්ඩය -
යාපනය ශාන්ත ජෝන් විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කුරුණෑගල මලියදේව විදුහල සහ ගාල්ල ඇලවීෂියස් විදුහල


අදහස් (0)

II වැනි වටයට කණ්ඩායම් 32 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.