Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අකීකරු තුන්දෙනා ගැන තීරණය ඉදිරි සතියේ

අකීකරු තුන්දෙනා ගැන තීරණය ඉදිරි සතියේ

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී ජෛව බුබුල බිඳ දමමින් රාත්‍රියේ කණ්ඩායමෙන් ඉවත්ව නගරයේ සැරිසැරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනා සම්බන්ධයෙන් ඉදරි සතියේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියයි.
 
මෙම ක්‍රීඩකයන් තිදෙනාටම පසුගිය සතියේදී චෝදනා පත්‍ර බාරදුන් අතර මේ වනවිටත් ඔවුන් ඒ සම්බන්ධයෙන් පිළිතුරු එවා ඇතැයි දැනගන්නට ඇත.

“ඒගොල්ලන් පිළිතුරු වශයෙන් මොනවා කියලා තියෙනවාද කියලා තාම දන්නේ නෑ. පිළිතුරු එවලා තියෙන්නේ විනය කමිටුවටනේ”

“ඒ ගොල්ලන් වරද පිළිගත්තොත් විනය පරීක්‍ෂණක් අවශ්‍ය වෙන්නේ නෑ. කොහොම වුණත් මේ සතියේදී ඒ තුන්දෙනා ගැන තීරණයක් ගන්න ඕනා” යයි ද ශම්මි සිල්වා මහතා පැවසීය.

මෙම ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර මත ඔවුන් තිදෙනා ඉදිරියේ එන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇත.

මෙම ක්‍රීඩකයන්ට එරෙහිව පැවැත්වීමට නියමිත විනය පරීක්‍ෂණය සඳහා නම්කළ පංච පුද්ගල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 7 වැනිදා නම්කරන ලදි.
 
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නිතීඥ පණ්ඩුක කීර්තිනන්ද, නිතීඥ අසේල රැකව, නිතීඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස පත්කර ඇත.

මෙම ක්‍රීඩකයන් තිදෙනා පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් මීගමුවේ පිහිටි හෝටලයකදී දින 14 ක නිරෝධායනයකට ලක් වූහ. විනය පරීක්‍ෂණය අවසන් වන තෙක් ඔවුන්ට තාවකාලීක තරග තහනමක් පනවා ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව වන ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලියද ඔවුන්ට අහිමිව තිබේ.


- 213

 


අදහස් (0)

අකීකරු තුන්දෙනා ගැන තීරණය ඉදිරි සතියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.