Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ඒ’ කාණ්ඩයේ තරග 3 ක් හෙට

‘ඒ’ කාණ්ඩයේ තරග 3 ක් හෙට

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ (2017) පළමු වටයේ අවසන් සතිය යටතේ පළමු කොටසේ 1‘ඒ’ කාණ්ඩයේ තරග තුනක් හෙට (08) පැවැත්වේ.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල අතර තරගය වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ද, කොළඹ රාජකීය විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ද, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර තරගය මහනුවර නිත්තවෙල පිටියේදී ද, අද පැවැත්වේ.

පළමු කොටසේ 1‘ඒ’ කාණ්ඩයෙන් ඉසිපතන, කොළඹ රාජකීය සහ ශාන්ත ජෝශප් යන විදුහල් මේ වන විටත් ‘කුසලාන’ ශූරතා වටයේ ස්ථාන වෙන්කර ගෙන සිටිති. අද පැවැත්වෙන තරගවල ප්‍රතිඵල අනුව ශාන්ත පීතර සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වලින් එක කණ්ඩායමක් ‘කුසලාන’ ශූරතා වටයට සුදුසුකම් ලබයි.

මහනුවර ධර්මරාජ සහ ඩී. එස්. සේනානායක යන කණ්ඩායම් මේ වන විටත් 1‘ඒ’ කාණ්ඩයෙන් ‘පළඟ’ ශූරතා තරගාවලියට පත්ව සිටියි.

පළමු කොටසේ 2‘ඒ’ කාණ්ඩයෙන් මහනුවර ත්‍රිත්ව, වෙස්ලි, මරදාන සහිරා සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විදුහල් මේ වන විටත් ‘කුසලාන ශූරතා’ වටයට සුදුසුකම් ලබා තිබේ. මොරටුව වේල්ස් කුමර සහ ගල්කිස්ස විද්‍යා යන පාසල් එම කාණ්ඩයෙන් ‘පළඟ’ ශූරතාවට වැටුණි.

 


අදහස් (0)

‘ඒ’ කාණ්ඩයේ තරග 3 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.