ලබන බ්‍රහස්පතින්දා (8 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ 139 වැනි කොළඹ රාජකීය - ගස්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දිනයකින් කල්දමා තිබේ.
අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේගේ ආදහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බැවින් රාජකීය - සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය සිකුරාදා ආරම්භ කිරිමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.
ඒ අනුව තරගය 9, 10 සහ 11 යන දිනවලදී කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.