Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී දින හතරක් පුරා පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව වාර්තා 34 ක් බිහි විය.එහිදී විශේෂත්වය වූයේ ඊයේ (15) නිමාවට පත්වූ තරගාවලිය පැවැති එම දින හතර පුරා වර්ෂාවේ බලපෑම් එල්ල වූවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වලට එයින් දැඩි බලපෑමක් එල්ල නොවීමයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ වර්ෂාවේ බලපෑම් එල්ලවූවත් ඇතැම් ඉසව්වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වඩාත් ඉහළ අගයක් ගත් බවයි.
ඔහු පැවැසුවේ ඇතැම් ඉසව් වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළ කළ දක්ෂතා එළඹෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ඔවුන්ට රන් පදක්කම් දිනා ගැනීමට තරම් ප්‍රමාණවත් බවත් නව වාර්තා 34 ක් පිහිටුවීමට එම දින හතර පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීමත් එහිදී කැපී පෙණුනු බවයි.
මෙම තරගාවලිය ලබන ඔක්තෝබර් 22 සිට 31 වැනිදා දක්වා බහරේන් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට (වයස 17 න් පහළ) සහභාගි කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේෂ කෙරෙන තේරීම් තරගාවලියක් ලෙස යොදා ගැනීමටත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු කළේය.
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා වයස 16 න් පහළ සිට 23 න් පහළ දක්වා වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600 දෙනෙක් සහභාගි වූහ. ඔවුන් එහිදී ඇයැදුම් කර සිටි ඉසව් ගණන 3500 කට ආසන්න විය.
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අභියෝග ශූරතා දිනූ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
දක්ෂතම ක්‍රීඩිකාව - වයස 16 න් පහළ සුසන්තිකා ජයසිංහ කුසලාන : -
දිළිනි රාජපක්ෂ (වත්තල ලයිසියම් - දුර පැනීම - මීටර 5.96 - නව වාර්තාවකි)
දක්ෂතම ක්‍රීඩකයා - වයස 16 න් පහළ එන්.එ.කිව්.එන්.ඒ.කුරේරා කුසලාන : -
දෙනෙත් කෞෂික් (බොරැල්ල ඩී.එස්.සේනානායක විදුහල - කවපෙත්ත විසි කිරීම - මීටර 50.85)
දක්ෂතම ක්‍රීඩිකාව - වයස 18 න් පහළ දමයන්ති දර්ශා කුසලාන : -
ධනංජනා ප්‍රනාන්දු (වත්තල ලයිසියම් - මීටර 200 තත්පර 24.45 - නව වාර්තාවකි)
දක්ෂතම ක්‍රීඩකයා -වයස 18 න් පහළ එන්. වෛරවනාතන් කුසලාන : -
පවන් බිම්සර ඒකනායක ( පන්නිපිටිය ධර්මපාල විදුහල - මීටර 110 - කඩුලු - තත්පර 14.08- නව වාර්තාවකි)
දක්ෂතම ක්‍රීඩිකාව -වයස 20 න් පහළ) දේසබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස කුසලාන : -
තක්ෂිමා නූහන්සා (මාතර - මීටර 400 - තත්පර 55.03)
දක්ෂතම ක්‍රීඩකයා - වයස 20 න් පහළ) ස්ටැන්ලි තාබෲ කුසලාන : -
අයෝමාල් අකලංක (අඹගමුව මැදි විදුහල - මීටර 400 - තත්පර 50.20 - නව වාර්තාවකි)
දක්ෂතම ක්‍රීඩිකාව - වයස 23 න් පහළ
නෙත්මිකා මධුෂානි හේරත් (ශ්‍රී ලක් - තුන් පිම්ම - මීටර13.03)
දක්ෂතම ක්‍රීඩකයා - වයස 23 න් පහළ
රුමේෂ් තරංග (ගුවන් හමුදාව - මීටර 82.93 - නව වාර්තාවකි)
තරගාවලියේ අති ශූර දක්ෂතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු කුසලාන
අයොමාල් අකලංක (අඹගමුව මැදි විදුහල - මීටර 400 - තත්පර 50.20 - නව වාර්තාවකි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.