Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහිරා විදුහලට තියුණු ජයක්

සහිරා විදුහලට තියුණු ජයක්

editorial - 2025 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (26 වැනිදා) පැවැති තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 16-12 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන සහිරා විදුහල සමත් විය.
 
කොළඹ හැව්ලොක් ක්‍රීඩා⁣ සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 08-00 ක් ලෙස සහිරා විදුහල පෙරමුණ ගත්තේය. එහිදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ සහිරා ක්‍රීඩකයෝ, විද්‍යාරථ විදුහලට එකදු ලකුණුක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන්හ.
 
දෙවැනි අර්ධය තුළ  ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ විද්‍යාර්ථ විදුහල, ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 12 ක් එක්කර ගනිද්දී, සහිරා විදුහලට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබන ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. එහෙත් පළමු අරධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය සහිරා විදුහලට හිමිවිය

බම්බලපිටිය ශාන්ත පීතර  විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර අද  (27 වැනිදා) පැවැත්වෙන මූලික වටයේ තරගය ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී සහිරා විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 3 වැනිදා පස්වරු 4.15 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා⁣ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.  


අදහස් (0)

සහිරා විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.