Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපතිගේ පිල පරදී

සභාපතිගේ පිල පරදී

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ‘චැලෙන්ජර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ වයස 19 න් පහළ කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කිරීමට ඉන්දීය ‘ග්‍රීන්ස්’ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ‘ග්‍රීන්ස්’ කණ්ඩායමේ පිතිකරුවෝ ඕවර 32.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නොදැවී ලකුණු 52 ක් රැස්කළ අභිෂේක් ශර්මා ඉන්දීය ‘ග්‍රීන්ස්’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ප්‍රියම් ගාර්ග් (64) සහ අන්කුෂ් සිං (51) අර්ධ ශතක ලබාගනිමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

ඉන්දීය කණ්ඩායමේ බිඳ වැටුණ කඩුලු 3 නිපුන් මාලිංග, හරීන් බුද්දිල සහ රවිඳු සංජන අතරේ එක බැගින් බෙදී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ වයස 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අයන සිරිවර්ධන සමත් වූ අතර රවිඳු සංජන ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඩී. ජී. නල්කන්ඬේ ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 220
(අයණ සිරිවර්ධන 59, රවිඳු සංජන 49, නුවනිඳු ප්‍රනාන්දු 26, විශ්ව චතුරංග 21, ඩී. ජී. නල්කන්ඬේ 18/5)

ඉන්දීය ‘ග්‍රීන්ස්’ කණ්ඩායම - ඕවර 32.1 කදී කඩුලු 3 ක් දැවී 222  
(ප්‍රියම් ගාර්ග් 64, අභිෂේක් ශර්මා නොදැවී 52, අන්කුෂ් සිං 51, ආර්යන් ජුයාල් 35)


- 036

 


අදහස් (0)

සභාපතිගේ පිල පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.