අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ හින්දු විදුහල සහ මාතලේ ක්‍රිස්තු දේව විදුහල අතර හින්දු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට හින්දු විදුහල සමත් විය.
එහිදී හින්දු විදුහලේ එස්. සනෝජ් ලකුණු 73 ක් රැස්කළ අතර කේ. සංගීත් ලකුණු 41 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
හින්දු විදුහල - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 184
(එස්. සනෝජ් 73, වයි. හරිහරන් 40, දිමුත් ද සිල්වා 24/2, සචින්තක ජයසෝම 26/2, ලොවිඳු වික්‍රමසිංහ 30/2)
ක්‍රිස්තු දේව විදුහල - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 164
(සචින්තක ජයසෝම නොදැවී 40, උත්පල රණසිංහ 22, කේ. සංගීත් 41/3, ජී. සුජීවන් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.