
සැමෝවා රාජ්‍යයේ ආපියා නුවරදී පසුගියදා පැවැති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරග වැදුණු කේ.ඩී. ශෙනාල් රවිඳු රිදී පදක්කමක් දිනා ගනිමින් මව්බිමට මහත් අභිමානයක් අත්කර දුන්නේය.
ශෙනාල් රවිඳු කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සිසුවෙකි. ශෙනාල්ගේ මෙම ජයග්‍රහණය පිටුපස සිටි ශක්තිය වූයේ ඔහුගේ පුහුණුකරු පී.කේ.එන්. දයාන් මහතායි.
මෙම තරගාවලිය අප්‍රේල් මස 25 සිට මැයි 1දක්වා සැමෝවා රාජ්‍යයේ ආපියා නුවරදී පැවැත්විණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ 23 දෙනෙක් මෙම තරගාවලියට සහභාගීවූහ.
-223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.