Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 38-24 කින් මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත්‍රිත්ව විදුහල ලකුණු 24-21 ක් ලෙස පෙරමුණේ සිටිය ද ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ගෝලයක් සහ උත්සාහක දිනුම දෙකක් සාර්ථක කරමින් ජය තහවුරුකර ගැනීමට සමත් වූහ.
ජයග්‍රාහි ශාන්ත පීතර විදුහල් පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු 38 රැස් කළේය. ත්‍රිත්ව විදුහලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය.
ශාන්ත පීතර විදුහල් නායක ඩියන් ප්‍රනාන්දු සහ ජේසන් කරුණාරත්න උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීමට සමත් වූහ. තීක්‍ෂණ දිසානායක සහ ෆයීෂ් අබ්දුල්ලා උත්සාහක දිනුම බැගින් ශාන්ත පීතර විදුහල් ලකුණු පුවරුවට එකතු කළහ.
තීක්‍ෂණ දිසානායක ගෝල ප්‍රවර්ථන හතරක් සාර්ථක කරමින් අතිරේක ලකුණු 8 ක් එකතු කළේය. ත්‍රිත්ව විදුහල වරීන් වීරකෝන් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කළේය. අකිල් සකලසූරිය සහ නේතන් යේ උත්සාහක දිනුම බැගින් සාර්ථක කළහ.
රමේෂ් බණ්ඩාර ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කරමින් ත්‍රිත්ව විදුහලට අතරේක ලකුණු එකතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.