Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝශප් අවසන් තරගයට
19න් පහළ ක්‍රිකට්

ශාන්ත ජෝශප් අවසන් තරගයට

editorial - 2026 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය. මඩම්පැල්ල ඩී. එච්. එච්. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ අවසන් පූර්ව වටයේ තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ශාන්ත ජොශප් විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු අවීෂ සමාෂ් පන්දු 129කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 122ක් රැස් කළේය.  අවීෂ සමාෂ් (122) සහ පමෝද දල්පදාදු (64) තම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත්වූහ.

වේල්ස් කුමර විද්‍යාලයේ වමත් ආරම්භක පිතිකරු තුසිඳු දීමන්ත පන්දු 251කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 102ක් රැස් කළේය. තුසිඳු දීමන්ත සහ ගවේෂ ප්‍රනාන්දු තම ඉනිමේ සිව්වැනි කඩුල්ලට ලකුණු 108 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත්වූහ.

ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආරම්භක පිතිකරු දෙවැනි ඉනිමේදීත් පන්දු 104කදී හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 133ක් රැස් කළේ ඉනිම දෙකේදීම ශතක රැස් කිරීමේ දුර්ලභ වාර්තාවකට හිමිකම් කියමිනි.

රිෂ්ම අමරසිංහගේ නායකත්වයෙන් යුත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල පිල කණ්ඩායම් 18ක් සහභාගී වූ තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.  සිංහල - හින්දු අළුත් අවුරුදු සමය නිමාවීමෙන් පසුව අවසන් තරගය පැවැත්වෙනු ඇත.

 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය -  පළමු ඉනිම - 354 යි
(අවීෂ සමාෂ් 122, පමෝද දල්පදාදු 64, නුෂාන් පෙරේරා 60, චේතින කාවින්ද 34, ඔෂාන් ද සිල්වා 91/4, රුසඳු සිල්වා 39/2, නෙතුල් අනුහස් 83/2)

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම 334 යි
(තුසිඳු දීමන්ත 102, පසන් කුරේ 66, ගවේෂ ප්‍රනාන්දු 57, ඔෂාන් මනීෂ 38, විග්නේෂ්වරන් ආකාෂ් 109/4, විශ්ව පීරිස් 110/3)

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - දෙවැනි ඉනිම - කඩුලු 4 ට 238 යි
(අවීෂ සමාෂ් 133, සෙනුජ වකුණගොඩ 42, යෙනුල දන්තනාරායන 28, ෂෙහාන් අශීන් 91/2)

 

අවීෂ සමාෂ්


අදහස් (0)

ශාන්ත ජෝශප් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.