Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝශප් අවසන් මහ තරගයට

ශාන්ත ජෝශප් අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 34-12 කින් මහනුවර ධර්මරාජ විදුහල පාරජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 5 කින් ලකුණු රැස් කළේය. ධර්මරාජ විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.

ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

ශාන්ත ජෝශප් විදුහල සචිත් සිල්වා, චතුර සෙනෙවිරත්න සහ විනුර ප්‍රනාන්දු උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. සචිත් සිල්වා දඬුවම් පහර 3 ක් සහ ගෝල ප්‍රවර්ථන 2 ක් ද, චතුර සෙනෙවිරත්න දඬුවම් පහර දෙකක් ද, සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කළහ.

ධර්මරාජ විදුහල විදුහල වෙනුවෙන් චාමික පෙරේරා සහ භවන්ත උඩන්ගමුව උත්සාහක දිනුම බැගින් සාර්ථක කළහ. ඉෂාර දේශප්‍රිය ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළේය.

 


අදහස් (0)

ශාන්ත ජෝශප් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.