Last Update  :  2026-04-29 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත අන්තෝනි - මහමායා බාලිකා සටන අද

ශාන්ත අන්තෝනි - මහමායා බාලිකා සටන අද

editorial - 2026 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශාන්ත අන්තෝනි බාලිකා විදුහලත් මහමායා බාලිකා විදුහලත් අතර වාර්ෂිකව පවත්වනු ලබන සීමිත ඕවර මහා ක්‍රිකට් තරඟය මේ මස 30 වැනිදා (හෙට)  පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. දෙවිඳුහල් අතර මෙතෙක් පැවති තරඟ අතුරින් තරඟ 02 ක  ජය මහමායා බාලිකාවිදුහල විසින්ද එක් තරඟයක ජය අන්තෝනි බාලිකාවන් විසින්ද දිනාගෙන තිබේ.

2023 වසරේදී සහ 2025 වසරේදී මහමායා විදුහල විසින් මහ ක්‍රිකට් තරගය ජයගෙන තිබේ. ශාන්ත අන්තෝනි බාලිකා විදුහල වසර  2024 වසරේදී මහ තරගය ජයගත්තේය.

කන්ද උඩරට නිල් කුමරියන්ගේ සටන නම් විරුදාවලියලත් මෙම තරගාවලියේ මෙවර තරඟ වදින කණ්ඩායම් දෙක සංසන්දනය කිරීමේදී දස්කම් අතින් දෙපිලම සම මට්ටමක සිටිති. එහෙත් යෙනුලි අමරසිංහගේ නායකත්වයෙන් යුතු මහාමායා පිල නියෝජනය කරන කණ්ඩායමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කරන ක්‍රීඩකාවන් දෙදෙනෙකු සිටීම ඔවුන්ට විශාල ශක්තියක් වනු ඇත.

පූර්ණිමා ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් පිලද මෙවර දිස්ත්‍රික් තරඟාවලියේදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූ කණ්ඩායමකි.

 

ශාන්ත අන්තෝනි බාලිකා සංචිතය

පූර්ණිමා ගුණවර්ධන (නායිකා) මල්මී හේරත් (උප නායිකා) රොෂිණි නිමාෂා, චමත්කා අභයගුණසේජර, හුදා සිහාර්, නවනී මුතුකුමාර, දුලිනා ප්‍රනාන්දු, සනූරි අබේසේකර, මලීෂා ඇන්ඩ්‍රියානා, චමෝදි මෙන්ඩිස්, ප්‍රවින්ණ්‍යා යෝගරාජන්, තෙරණි නෙහාරා, කවිෂ්කා අබේරත්න, මිනුදි ප්‍රනාන්දු, ඉසුරි දිල්සරා, ඔශිමි ආරියසේන

 

 

මහමායා බාලිකා සංචිතය

යෙනුලී අමරසිංහ (නායිකා) අසේනි තලගුණේ (උප නායිකා) තරින්දී දිසානායක, අමාශා රිදීමහලියද්ද, රණුමි සහන්සා, ගණිත්‍යා කොතලාවල, නෙතුමී විදානගමගේ, දිසිනි දොඩම්වල, සනූකි පතිරගේ, හෂාරි සෝමරත්න, ආනන්දි විදර්ශනී, හියත්මා ජයරත්න, සතිෂි දිසානායක, රුවින්දි නෙත්තිකුමාර, රිද්මි ගුණරත්න, බිගුණි සෙනෙවිරත්න.


අදහස් (0)

ශාන්ත අන්තෝනි - මහමායා බාලිකා සටන අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.