Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා සභාපතිගේ පිලට කඩුලු 4 ක ජයක්

ශ්‍රී ලංකා සභාපතිගේ පිලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ‘චැලෙන්ජර්’ කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය ‘රෙඞ්’ කණ්ඩායම කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 33 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 34) සහ රන්දීර් රණසිංහ (නොදැවී 14) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. පන්දු 35 කට මුහුණදුන් නුවනිඳු හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.

ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ සන්තුෂ් ගුණතිලක පන්දු 122 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රබලම අඩිතාලම  දැමීය.

ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගුණතිලක, ඉන් නොනැවතී නිපුන් ධනංජය (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 146 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 41 කදී වාර්තා වූ ධනංජය ලක්ෂාන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 75 කදී වාර්තා වූ නිපුන් ධනංජයගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘රෙඞ්’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ප්‍රිත්වි ෂාව් (63), රියාන් පරාග් (50) සහ කේ.එල්. නාගර්කෝටි (51) සමත වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ හරීන් බුද්දිල සහ නායක අයණ සිරිවර්ධන කඩුලු 4 බැගින් දවාගනිමින් ඉන්දීය ‘රෙඞ්’ ඉනිම අඩාල කළහ.  


ඉන්දීය ‘රෙඞ්’ කණ්ඩායම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 226  
(ප්‍රිත්වි ෂාව් 63, රියාන් පරාග් 50, කේ.එල්. නගර්කෝටි 51, හරීන් බුද්දිල 30/4, අයණ සිරිවර්ධන 34/4)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම - ඕවර 48.4 කදී කඩුලු 6 ක් දැවී 231
(ධනංජය ලක්ෂාන් 38, සන්තුෂ් ගුණතිලක 80, නිපුන් ධනංජය 43, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 34, රන්දීර් රණසිංහ නොදැවී 14, කේ.එල්. නගර්කෝටි 44/2)


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා සභාපතිගේ පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.