Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා රග්බි පිලට නවකයෝ 8 ක්

ශ්‍රී ලංකා රග්බි පිලට නවකයෝ 8 ක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරමින් ලබන සතියේ මැලේසියාව බලා පිටත් වීමට නියමිත ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමට නවක ක්‍රීඩකයෝ 8ක් ඇතුළත්වී සිටිති.

ජාතික රග්බි තේරීම් කමිටු ප්‍රධානී මයිකල් ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් තෝරාගන්නා ලද ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමට මහනුවර ක්‍රීඩා සමාජයෙන් තිළිණ විජේසිංහ, රිචඞ් ධර්මපාල, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයෙන් අෂාන් ඩාලින්, නිෂොන් පෙරේරා සහ උමේෂ් මධුෂාන්, සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයෙන් තාරික් සාලි, පොලිස් ක්‍රීඩා සමාජයෙන් ජොයෙල් පෙරේරා සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයෙන් රිචී ධර්මපාල නවක ක්‍රීඩකයෝ ලෙස එක්වී සිටිති.

නව පුහුණුකරු ෆිජී ජාතික ෆෙරෙටි වෙරබුලා යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි සංචිතයේ පුහුණුවීම් මේ දිනවල පැවැත්වෙන අතර එහි සහය පුහුණුකරු ලෙස හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක රජීව් පෙරේරා කටයුතු කරයි.

සිකුරාදා රාත්‍රියේ  තෝරාගත් ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වයට මහනුවර ක්‍රීඩා සමාජයේ නායක රොෂාන් වීරරත්න නම් කොට තිබේ. අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන රොෂාන් සමග තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් මෙවර සංචිතයට එක්වී සිටිති. ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වී  සිටින්නේ  හිටපු නායක ෆාසිල් මරිජාය. මේ තරගාවලිය ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් ජාත්‍යන්තර 15 සාමාජික රග්බි තරගාවලිය වේ.

මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඞ් ධර්මපාල සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ රිචී ධර්මපාල දෙසොයුරන් පලමු වරට මෙවර කණ්ඩායමට ඇතුළත්වීමත් කැපී පෙනෙන සිදුවීමකි. මේ අතරින් රිචඞ් ධර්මපාල සත් සාමාජික රග්බි පිල  නියෝජනය කරමින් මීට පෙර ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කොට තිබේ.

ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය මැයි මස 14 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වන අතර පළමු දිනයේදී පිලිපීනය සමග තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පිල මැයි 17දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගත්, මැයි මස 20දා මැලේසියාව සමගත් තරග කරනු ඇත. ශ්‍රී ලංකා පිලට  නැවත ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රධානතම තරගාවලියට එක්වීමට නම් මේ පළමු කොටසේ තරගාවලිය ජයගත යුතුය.

 

ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි සංචිතය

රොෂාන් වීරරත්න (නායක). ෆාසිල් මරිජා, ගනුක දිසානායක, සයුරි ඇන්තනී, ධනුෂ්ක රන්ජන්, රිචඞ් ධර්මපාල, ලවංග පෙරේරා, ජේසන් දිසානායක, තිළිණ විජේසිංහ (මහනුවර ක්‍රීඩා සමාජය), තාරික් සාලේ, ඕමල්ක ගුණරත්න (සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.) ෂැරෝ ප්‍රනාන්දු, දුෂ්මන්ත ප්‍රියදර්ශන, උමේෂ් මධුෂාන්, නිරෝෂන් ප්‍රනාන්දු, ප්‍රසාද් මධුෂංඛ, නිෂෝන් පෙරේරා, අෂාන් ඩාලින්, (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය) සජිත් සාරංග, සත්‍යා රණතුංග, චානක චන්දිමාල්, රිචී ධර්මපාල, ලී කීගල් (නාවික හමුදා ක්‍රීඩා සමාජය) ජොයෙල් පෙරේරා (පොලිස් ක්‍රීඩා සමාජය), ඉරංග ආරියපාල (යුද හමුදා ක්‍රීඩා සමාජය)


අතිරේක ක්‍රීඩකයෝ -
දමිත් දිසානායක (මහනුවර ක්‍රී.ස.), ස්ටීවන් ග්‍රෙගරී (නාවික හමුදා ක්‍රී.ස.), රදීෂ සෙනෙවිරත්න (පොලිස් ක්‍රී.ස.), ගයාන් ජයමාන්න, සෂාන් මොහොමඞ් (සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.), සුදම් සූරියආරච්චි (හැව්ලොක්ස් ක්‍රී.ස.),
පුහුණුකරු - ෆෙරෙටි වෙරබුලා
සහය පුහුණුකරු - රජීව් පෙරේරා
කළමනාකරු - රොහාන් චින්තක

 

- 077


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිලට නවකයෝ 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.