Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විගණනය කළ ගිණුම් ගැන කතා එපා

විගණනය කළ ගිණුම් ගැන කතා එපා

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාර්ෂික විගණන වාර්තා ප්‍රමාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී එය ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස සළකා කටයුතු කළ නොහැකි බව  ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා අවධාරණය කරයි. එසේම මේ වනවිට කමිටුවේ පසුගිය වසර ගණනාවක ගිණුම් වාර්තා සඳහා විගණනය අවසන් කර අනුමැතිය ලැබී තිබෙන බැවින් ඒ පිළිබඳ තව දුරටත් කතා කිරීමෙන් පලක් නොමැති බවත් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මැක්ස්වල් ද සිල්වා මහතා මෙසේද පැවැසීය.

“මාධ්‍ය සංදර්ශන පවත්වන අයට අපි කියන්නෙ කාරණය දැනගෙන කතා කරන්න කියලයි”
“ජාතික ඔලිම්පික් කමිටුව කියන්නෙ තවත් ජාතික ක්‍රීඩා සංගමයක් නොවේ. ඒකට බලපාන්නේ ඔලිම්පික් ක්‍රීඩා ප්‍රඥප්තිය මිසක් රටේ ක්‍රීඩා නීතිය නොවේ. ඒක බොහොම පැහැදිළියි”

“මේ කණ්ඩායම ඒ අයට තිබෙන ජාතික ක්‍රීඩා සංගම් සහයෝගය ගැන කතා කරනවා. නමුත් දැන් ඒ අයට සහයෝගය දෙනවා කියන ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ගත්තොත් රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයට සහයෝගය දැක්වීමට ඒ අයගෙ රැස්වීම්වල අසුන් ගන්නේ ගොල්ෆ් සංගමයේ ලේකම් කෙන් ද අල්විස් මහතායි. ඒත් නිලවරණයේ දී එහි නියෝජිතයා හැටියට නම්කර ඔලිම්පික් කමිටුවට එවා තිබෙන්නෙ රනිල් පීරිස් මහතායි. ඒ නිසා රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයේ මත පස්සේ අපි ගිහින් අමාරුවේ වැටෙන්නෙ නෑ” යයිද මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

- 223


අදහස් (0)

විගණනය කළ ගිණුම් ගැන කතා එපා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.