ශී‍්‍ර ලංකාවේ සිටි ප‍්‍රවීනතම පළමු පෙළ කි‍්‍රකට් විනිසුරුවරයකු වන සෙල්ලයියා පොන්නදොරේ මහතා අභාවප‍්‍රාප්ත විය.
1935 අපේ‍්‍රල් මස 25 වැනිදා උපත ලද පොන්නදොරේ මහතා, මිය යන විට 78 වැනි වියේ පසුවිය. යාපනයේ ශාන්ත ජෝන් විදුහලෙන් සිප්සතර හැදෑරූ ඔහු කි‍්‍රකට් කී‍්‍රඩා කළ සමයේ දකුණත් පිතිකරුවකු ලෙසත්, දකුණතින් මඳ වේග පන්දුයවන්නකු ලෙසත් දස්කම් දක්වා ඇත.
ශ්‍රී ලංකා පිල ජයගත් ප‍්‍රථම ටෙස්ට් කි‍්‍රකට් තරගය වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1985 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවති තරගය, ඔහු විනිසුරුවරයකු වශයෙන් සහභාගීවූ මංගල ටෙස්ට් කි‍්‍රකට් තරගයයි. ඔහු අවසන් වරට විනිශ්චය කළේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 1993 වසරේ අගෝස්තු මාසයේදී පැවති එක්දින තරගයයි.
විනිසුරු දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තරග තීරකවරයකු වශයෙන්ද කටයුතු කළ පොන්නදොරේ මහතා පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරුවරයන්ගේ සංගමයේ උපදේශකවරයකු වශයෙන්ද කටයුතු කළේය. මලල කී‍්‍රඩාවේද ප‍්‍රවීන විනිසුරුවරයකු වූ ඒ මහතා 1991 කොළඹදී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා තරග විනිශ්චය කිරීමටද සහභාගි විය.
දේහය බොරැුල්ලේ ජයරත්න මල්ශාලාවේ තබා ඇති අතර ආදහන කටයුතු ඉරිදා (18 වැනිදා) සවස බොරැුල්ල කනත්තේදී සිදුකෙරේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.