Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි විදුහලට 23-14 ක ජයක්

වෙස්ලි විදුහලට 23-14 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටය ආරම්භ කරමින් වෙස්ලි විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් වෙස්ලි විදුහල් පිල ලකුණු 23-14 ක ජයක් ලැබීමට සමත් විය.

වෙස්ලි විදුහල ගෝලයකින්, දඬුවම් ගෝලයකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලැබීය. ශාන්ත ජෝශප් විදුහලට ගෝල 2 කින් ලකුණු ලැබීය. වෙස්ලි විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.  

ශාන්ත පීතර විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරගය බම්බලපිටියේදී ද, කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර තරගය ගල්කිස්සේදී ද, හෙට (29) පැවැත්වීමට නියමිතය.   

 


අදහස් (0)

වෙස්ලි විදුහලට 23-14 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.