Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වරාය අධිකාරිය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

වරාය අධිකාරිය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ වරාය අධිකාරිය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය (26 වැනිදා) නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින වරාය අධිකාරිය පිල ලකුණු 78 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටියේය.

කඩුලු 7 ක් අතැතිව පන්දුවට පහරදෙමින් සිටින වරාය අධිකාරිය පිලට ඉනිමක පරාජයෙන් ගැලවිම සදහා තවත් ලකුණු 170 ක් අවශ්‍යව ඇත.

ශතක රැස්කරමින් එස්.එස්.සී පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට කෞශාල් සිල්වා (120) සහ චාමර කපුගෙදර (109) සමත්වූහ.

දෙවැනි දිනටත් තවත් තරග තුනක් කෝල්ට්ස්, පී.සරවණමුත්තු සහ කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණ වලදි පැවැති අතර සැරසන්ස් කණ්ඩායමේ සාලිය සමන්, හලාවත මේරියන්ස් කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

වරාය අධිකාරිය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය 165 සහ 78/3, එස්.එස්.සී. 413

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(යොහාන් ද සිල්වා 24, යශෝධ ලංකා 21, ගිහාන් රූපසිංහ 36, දසුන් ශානක 26/3, ජෙෆ්රි වැන්ඩසේ 28/3, සචිත්‍ර සේනානායක 40/3)
එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 110.4 කදී සියලුදෙනා දැවී ලකුණු 413
(මිනෝද් භානුක 20, කෞශාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, චානක කොමසාරූ 119/4, අකලංක ගනේගම 99/3, චලනක වීරසිංහ 79/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 78
(යශෝධ ලංකා නොදැවී 41)

 

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 401, සැරසන්ස් 236

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 109.2 කදී සියලුදෙනා දැවී ලකුණු 401
(අශේන් සිල්වා 47, ඕෂධ ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා 45, සාලිය සමන් 76/5)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ඇන්ඩි සොලමන්ස් 31, ගමිඳු අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රංදුණු නොදැවී 25, රනිත ලියනාරච්චි 36, අසිත ප්‍රනාන්දු 47/5, මාලින්ද පුෂ්පකුමාර 71/3)

 

බී.ආර්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

බි.ආර්.සී 310, කෝල්ට්ස් 209/6

බි.ආර්.සී - පළමු ඉනිම - ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 310
(හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශශින් දිල්රංග 124, නිසල තාරක 71/6, ප්‍රභාත් ජයසූරිය 62/2)
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 209
(ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා නොදැවී 73, විශාද් රංදික 22, නිසල තාරක නොදැවී 30, නෙරංජන වන්නිආරච්චි 27/2, හෂේන් රාමනායක 36/2, සුරාජ් රංදීව් 36/2)

 

එන්.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. 247, රාගම 326/9

එන්.සී.සී.- පළමු ඉනිම - ඕවර 76.1 කදී සියලුදෙනා දැවී ලකුණු 247
(සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්විස් මහරුෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉශාන් ජයරත්න 46/4, අමිල අපෝන්සු 72/3, ජනිත් ලියනගේ 41/2)
රාගම - පළමු ඉනිම - ඕවර 101 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 326
(උදාර ජයසුන්දර 57, ශෙහාන් ප්‍රනාන්දු 23, ළහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, අක්ශු ප්‍රනාන්දු නොදැවී 29, චාමික කරුණාරත්න 76/4)

 


අදහස් (0)

වරාය අධිකාරිය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.