අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී දක්ස පිතිහරඹයක නිරත වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පසිඳු පෙරේරා ලකුණු 98 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගිය අතර එම විදුහලේම රුෂාන් අගස්ති ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
කරන්දෙණිය විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 186
(යශෝද් උඩුගම්පොල 52, දේෂාන් ශෂින්ත 29, සමිත් ඉසුරු 22, සුදේශ් කුමර 21, රුෂාන් අගස්ති 27/4, මොහොමඩ් රිෆ්නාස් 29/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 43.1 කදී කඩුලු 7 ක් දැවී 188
(පසිඳු පෙරේරා 98, සමිත් ඉසුරු 31/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.