
තලෙයිමන්නාරමේ සිට පෝක් සමුද්‍රසන්ධිය හරහා ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින් නව වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර නායක ගුවන් භට නිළයේ සිට කෝප්‍රල් නිළය දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පියවර ගෙන ඇත.
ඉකුත් 10 වැනිදා අලුයම 2.00 ට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් පිහිනීම ආරම්භ කළ රොෂාන්, 11 වැනිදා පෙරවරු 7.00 ට නැවත වරක් තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ සිය උත්සාහය අවසන් කරමින් නව වාර්තාව පිහිටුවේය.
ඒ සඳහා ඔහුට පැය 28 යි, විනාඩි 19 යි, තත්ත්පර 43 ක කාලයක් ගත විය.
මේ වන විට තිස් දෙහැවිරිදි වියේ පසුවන රොෂාන්, ගුවන් හමුදාවට එක්වී ඇත්තේ 2008 වසරේදීය.
-036

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.