Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුචිර 16 වැනි ස්ථානයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

රුචිර 16 වැනි ස්ථානයට

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් පිරිම් ඉසව්වේ අද (31 වැනිදා) අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක රුචිර ප්‍රනාන්දුට එම ඉස්ව්වේ 16 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එම ඉසව්වේ අවසන් තරගයට ක්‍රීඩකයන් 18 දෙනෙක් සහභාගි වූහ.

භූමි ව්‍යායාම අදියරේදී ලකුණු 10 ක්, පැති අශ්වයා අදියරේදී ලකුණු 12.4 ක්, නිෂ්චල වළළු අදියරේදී ලකුණු 10.45 ක්, පැනීම් අදියරේදී ලකුණු 10.65 ක්, සමාන්තර පෝල අදියරේදී ලකුණු 11.85 ක්, තිරස් දණ්ඩ අදියරේදී ලකුණු 9.7 ක් සමග අදියර 6 දී රුචිර ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 65.050 කි.

මෙම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම එංගලන්තය සතුවූ අතර එහිදී ලකුණු 83.450 ක් ලබාගත් ජේක් ජාමන් රන් පදක්කමටද, ලකුණු 82.900 ක් ලබාගත් ජේම්ස් හෝල් රිදී පදක්කමටද හිමිකම් කීහ. සයිප්‍රසයේ මේරියස් ජෝජියස් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ලකුණු 81.750 ක් ලබාගනිමිනි.

 


අදහස් (0)

රුචිර 16 වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.