චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘ඒ ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලූ 7 කින් ජයග‍්‍රහණය කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වික‍්‍රම්ජීට් මලික් ලකුණු 24 කට කඩුලූ 3ක් දවා ගැනීමට සමත් වූ අතර, එම කණ්ඩායමේ සංජු සැම්සන් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20කදී කඩුලූ 7ක් දැවී ලකුණු 142
(රෝහිත් ෂර්මා 44, කිරන් පොලාඞ් 42, වික‍්‍රම්ජීට් මලික් 24/3)
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 19.4කදී කඩුලූ 3ක් දැවී ලකුණු 148
(ආජින්කා රෙහානේ 33, සංජු සැම්සන් 54, ශේන් වොට්සන් නොදැවී 27, ස්ටුවර්ට් බිනී නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.