Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්නට හිමිවී තිබේ.
දක්ෂ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු වන රොෂාන් වීරරත්නගේ නායකත්වය යටතේ ලීග් රග්බි තරගාවලියේ මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේද ශූරතා දිනාගැනීමට මහනුවර කණ්ඩායමට හැකිවිය.
2010 වසරේ පැවැති ආසියානු පස් සාමාජික රග්බි තරගාවලියේදී පළමු වටර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රොෂාන්, එදා සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට සත්කාරක මැලේසියාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යට සහ පිලිපීනයට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී මැලේසියාව හමුවේ පමණක් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ එහි අනු ශූරතාවයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.