Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ශූරතාව කුලියාපිටිය මැදි විදුහලට

රග්බි ශූරතාව කුලියාපිටිය මැදි විදුහලට

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය පසුගියදා කුණ්ඩසාලේ, පල්ලෙකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලියීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙම බාලිකා තරගාවලියේ අවසන් තරගය සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමය බාලිකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.

අවසන් තරගයේදී ලකුණු 21/05ක් ලෙස ලකුණු ලබා ගනිමින් කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලය ශූරතාව හිමිකර ගන්නා ලදී. ඒ අනුව තරගයේ අනුශූරතාව කොළඹ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමය බාලිකා කණ්ඩායම හිමි කර ගන්නා ලදී.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ නයනතාරා අධිකාරි විසින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී.

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය, සරසවිඋයන මහා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.


අදහස් (0)

රග්බි ශූරතාව කුලියාපිටිය මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.