Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (17 වැනිදා) බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් ක්‍රීඩකයෝ ඕවර 24.4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ජනිෂ්ක පෙරේරා (31) සහ රවිෂාන් ද සිල්වා (21) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
පන්දු 18 කදී වාර්තා වූ ජනිෂ්කගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 27 කදී වාර්තා වූ රවිෂාන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. සදීර සමරවික්‍රම පන්දු 26 කින් ලකුණු 24 ක් රැස්කිරීමට සමත් වූයේද හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බී.ආර්.සී. කණ්ඩායමට රමේෂ් මෙන්ඩිස් සහ හිවින් කෙනුල ප්‍රමුඛ මුවර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඕවර 31.2 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. එහිදී රමේෂ් ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගත් අතර හිවින් ලකුණු 18 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
බී.ආර්.සී. පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 126
(ගජිත කොටුවෙගොඩ 63, දිනුර අබේවික්‍රමසිංහ 20, යසිරු රොද්‍රිගූ 25, රමේෂ් මෙන්ඩිස් 31/4, හිවින් කෙනුල 18/3)
මුවර්ස් පිල - ඕවර 24.4 කදී කඩුලු 7 ක් දැවී 130
(ජනිෂ්ක පෙරේරා 31, රවිෂාන් ද සිල්වා 21, සදීර සමරවික්‍රම 24, රමේෂ් මෙන්ඩිස් 14, ශෂික දුල්ෂාන් 41/4, මොවින් සුබසිංහ 13/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.