Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මූලික වටයේ තවත් තරග 5 ක් හෙට
අන්තර් පාසල් රග්බි

මූලික වටයේ තවත් තරග 5 ක් හෙට

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටයේ තෙවැනි සතිය යටතේ පැවැත්වෙන තවත් තරග 5 ක් හෙට (21 වැනිදා) දිනයේදීත්, තරග 2 ක් අනිද්දා (22 වැනිදා) දිනයේදීත් පැවැත්වීමට නියමිතය. 

තෙවැනි සතිය ආරම්භ කරමින් අද (20 වැනිදා) පැවැති තරග දෙකකදී ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. එම තරගවලදී පිළිවෙළින් ලකුණු 33-14 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහලත්, ලකුණු 48-19 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහලත් පරාජයට පත්විය. 

හෙට පැවැත්වෙන තරගවලදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ගල්කිස්ස විද්‍යා විදුහලද, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කොළඹ වෙස්ලි විදුහලද, මරදාන සහිරා විදුහලට එරෙහිව මහනුවර කින්ස්වුඩ් විදුහලද, කොළඹ මහානාම විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද, මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව මහනුවර විද්‍යාර්ථ විදුහලද තරග වදිනු ඇත. 

කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානානයක විදුහලත්, මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහලත් අනිද්දා (22 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය. මෙම සියලුම තරග පස්වරු 4.15 ට ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.


සෙනසුරාදා (21 වැනිදා) පැවැත්වෙන තරග  

■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී 

■ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී 

■ මරදාන සහිරා විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී
 
■ කොළඹ මහානාම විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 

■ මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී 


ඉරිදා (22 වැනිදා) පැවැත්වෙන තරග  

■ කොළඹ ආනන්දු විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානානයක විදුහල අතර රාජගිරිය ක්‍රීඩාංගණයේදී 
■ මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

මූලික වටයේ තවත් තරග 5 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.