Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලිංග යළිත් දේශීය තරග පිටියට

මාලිංග යළිත් දේශීය තරග පිටියට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කළුතර නගර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 16 ක් හිමිකර ගැනීමට එන්.සී.සි. කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත්විය.

විස්සයි20 තරග බිමෙන් තරමක් පසුබැස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් ඕවර 4 කදී ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

කළුතර නගර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එරංග රත්නායක ඕවර 4 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද පිත්කරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් තරගයේ ජය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

තවත් තරග 10 ක් ක්‍රීඩාංගණ හයකදී පැවැති අතර ඉන් ජයගැනීමට බදුරලිය, කෝල්ට්ස්, රාගම, සී.සී.සී., යුද හමුදාව, බ්ලූම්ෆීල්ඞ්, මේරියන්ස්, වරාය අධිකාරිය, ද්‍රවිඩ සංගම සහ මූවර්ස් යන කණ්ඩායම් වලට හිමිවූහ.

 

එන්.සී.සී. සහ කළුතර නගර කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. පිලට ලකුණු 16 ක ජයක්

එන්.සී.සී.- ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 120
(ඇන්ජලෝ පෙරේරා 46, චතුරංග ද සිල්වා 20, ෆර්විස් මහරූෆ් 31, එරංග රත්නායක 20/5, නිපුන කාරියවසම් 23/2)
කළුතර නගර - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 104
(සමීර සඳමාල් 29, පසිඳු මදුශාන් 26, චතුරංග ද සිල්වා 24/3, ළහිරු කුමාර 12/2, ලසිත් මාලිංග 30/2)

 

බදුරලිය සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය කටුනායකදී

බදුරලියට ලකුණු 63 ක ජයක්

බදුරලිය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 163
(දිල්හාන් කුරේ 49, සංජය චතුරංග නොදැවී 52, නිමන්ද සුබසිංහ 20, නුවන් සම්පත් 26/2, ශතික් නිමල්ෂ 40/2)
නාවික හමුදාව - ඕවර 14.5 කදී සියලුදෙනා දැවී ලකුණු 100
(බුද්ධික හසරංග 23, නුවන් සම්පත් නොදැවී 32, සවිත් ප්‍රියාන් 16/2, සංජය චතුරංග 17/2, අලංකාර අසංක 21/2)

 

කෝල්ට්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පනාගොඩදී

කෝල්ට්ස් පිලට ලකුණු 57 ක ජයක්

කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 198
(සධීර සමරවික්‍රම 58, අවිශ්ක ප්‍රනාන්දු 74. සහන් ආරච්චිගේ නොදැවී 47, රොස්කෝ තටිල් 27/2)
ගුවන් හමුදාව - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 141
(උදයවංශ පරාක්‍රම 20, සචික උදාර 20, ශොහාන් රංගික 21, ප්‍රභාත් ජයසූරිය 17/4, අකිල ධනංජය 28/2)

 

රාගම සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

රාගමට කඩුලු 4 ක ජයක්

බී.ආර්.සී. - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182
(තිලකරත්න සම්පත් 46, ප්‍රවිනාත් විජේසූරිය 25, රුමේෂ් බුද්ධික 57. ශශින් දිල්රංග 21, ඉෂාන් ජයරත්න 29/2, ජනිත් ලියනගේ 37/2)
රාගම - ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 186
(ළහිරු මිලන්ත 47, ළහිරු තිරිමාන්න 22, සමීර ද සොයිසා නොදැවී 45, ඉෂාන් ජයරත්න නොදැවී 38, තිලකරත්න සම්පත් 22/3)

 

සැරසන්ස් සහ සී.සී.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී. පිලට කඩුලු 6 ක ජයක්

සැරසන්ස් - ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(රුවිඳු ගුණසේකර 56, අශේන් බණ්ඩාර 28, සචිත් පතිරණ 25/2, ලක්ෂාන් සඳකැන් 28/2)
සී.සි.සී. - ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 149
(දිල්ශාන් මුණවීර නොදැවී 75, කුසල් මෙන්ඩිස් 21, ඇන්ඩි සොලමන්ස් 22/2)

 

යුද හමුදාව සහ මීගමුව කණ්ඩායම් අතර වැලිසරදී

යුද හමුදාවට ලකුණු 102 ක ජයක්

යුදහමුදාව - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, අෂාන් රංදික 72, ජනිත් ද සිල්වා 43, හිමාෂ ලියනගේ 41, සෙහාන් වීරසිංහ 33/4, උමේඝ චතුරංග 39/2)
මිගමුව - ඕවර 16.3 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(ප්‍රසංසන ජයමාන්න 27, ජනිත් ද සිල්වා 22/4, අජන්ත මෙන්ඩිස් 25/2)

 

බ්ලූම්ෆීල්ඞ් සහ පානදුර කණ්ඩායම් අතර වැලිසරදී

බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලු 10 ක ජයක්

පානදුර - ඕවර 16.1 කදී සියලුදෙනා දැවී ලකුණු 74
(ළහිරු සමරකෝන් 05/2, ළහිරු ප්‍රනාන්දු 12/2, රමේෂ් මෙන්ඩිස් 13/2, කසුන් රාජිත 18/2)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 8.2 කදී කිසිවකු නොදැවී ලකුණු 78
(නිපුන් කරුණානායක නොදැවී 47, අදීෂ නානායක්කාර නොදැවී 26)

 

හලාවත් මේරියන්ස් සහ පොලිස් කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී

මේරියන්ස්ට කඩුලු 7 ක ජයක්

පොලිස් - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(සහන් විජේරත්න 22, ශෙහාන් ජයසූරිය 24/3, අසිත ප්‍රනාන්දු 25/3)
මේරියන්ස් - ඕවර 14.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 125
(තීක්ෂිල ද සිල්වා 36, රෝහිත් දාමෝදරන් නොදැවී 56)

 

එස්.එස්.සි. සහ මුවර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

මූවර්ස්ට කඩුලු 3 ක ජයක්

එස්.එස්.සී. - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(දිමුත් කරුණාරත්න 48, තිසර පෙරේරා 25, අදීශ තිලංචන 17/3, සහන් අදීශ 24/2)
මූවර්ස් - ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 138
(අදීශ තිලංචන 45, තිලක්ෂ සුමනසිරි 26, සචිත්‍ර සේනානායක 10/3)

 

වරාය අධිකාරිය සහ ගාල්ල කණ්ඩායම් අතර පනාගොඩදී

වරාය අධිකාරියට කඩුලු 4 ක ජයක්

ගාල්ල - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(රවිඳු සෙම්බුකුට්ටිගේ 39, හසිත ප්‍රනාන්දු 22, හර්ෂ රාජපක්ෂ 48, රනේෂ් පෙරේරා 20/5, හෂාන් විමර්ෂණ 26/2)
වරාය අධිකාරිය - ඕවර 17.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 145
(යොහාන් ද සිල්වා 50, චරිත් ජයම්පති 32, චතුර ලක්ෂාන් 21/2, ගයාන් සිරිසෝම 30/2)

 

ද්‍රවිඩ සංගමය සහ ලංකන් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමයට කඩුලු 7 ක ජයක්

ලන්කන් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 135
(චානක රුවන්සිරි 30, ගීත් කුමාර 28, දිනුෂ්ක මාලන් 35, ජීවන් මෙන්ඩිස් 23/2, සුරංග ලක්මාල් 26/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 15.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 138
(ධනංජය ද සිල්වා 42, රමිත් රඹුක්වැල්ල 24, කිත්රුවන් විතානගේ 27, ශාලික කරුණානායක නොදැවී 23, නවීන් කවිකාර 25/2)

 


අදහස් (0)

මාලිංග යළිත් දේශීය තරග පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.