Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලියදේවය ‘ඒ’ තලයේ තැන රැකගනී

මලියදේවය ‘ඒ’ තලයේ තැන රැකගනී

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ‘ තලයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කඩඉම් තරගයට මුහුණ දුන් කුරුණෑගල මලියදේව විද්‍යාලය තම ‘ඒ‘ තලයේ ස්ථානය ආරක්ෂා කරගත්තේය. මෙම තරගයේදී පරාජයට පත් වූ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ලබන වසරේ අන්තර් පාසල් තරගාවලියේදී ‘බී‘  තලය දක්වා පහළට බැසීමට සිදුවිය.  මෙම තරගය පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. 

මෙම තරගයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් අත්කරගත්තේය. 

මලියදේව නායක ගයන වීරසිංහ මෙම තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වීය. මෙවර තරග වාරයේ තම සිව්වැනි ශතකය ලබාගත් ගයන වීරසිංහ පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 99කට කඩුලු 6 ක් දවාගත්තේය. ඔහු පන්දු 189 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 152 ක් රැස් කළේය.


 
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 90.3 කදී කඩුලු 9 ට 264 යි 
(කුෂාන් සුබසිංහ නොදැවී 68, ෂෙහාන් කුමාර 65, චමිත් සසේංජන 39, මහිම කොටුවිල 32, යෂ්මින් ජයසුන්දර 38, ගයන වීරසිංහ 99/6, දීමන්ත අරූෂ 17/2) 

කුරුණෑගල මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 101.1 කදී කඩුලු 7 ට 296 යි
(ගයන වීරසිංහ 152, දිමන්ත අරූෂ 44, පැහැසර බණ්ඩාර 38, ප්‍රවීන් රුකුණායක 23, ජිනාජිත් වීරමුණි 53/2)


අදහස් (0)

මලියදේවය ‘ඒ’ තලයේ තැන රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.