Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මයිලෝ වීරයෝ 24 දා යළිත් පිටියේ

මයිලෝ වීරයෝ 24 දා යළිත් පිටියේ

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ‘මයිලෝ’ අනුග්‍රහයේ 25 වැනි වසර වෙනුවෙන් සංවිධානය කරන පසුගිය වසරවල ශූරතාව දිනූ කණ්ඩායම්වල නායකයන් සහභාගි වන ‘වීරයන්ගේ රග්බි ගැටුම’ විශේෂ තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී මේ මස 24 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වේ. 


මෙම තරගාවලියට 1995 වසරේ සිට 2016 වසර දක්වා සෑම වසරක ශූරතාව දිනූ කණ්ඩායම්වල නායකයෝ 23 දෙනකු මෙම තරගයට සහභාගි වීමට නියමිතය. මෙහිදී කණ්ඩායමකට 10 බැගින් වන ‘ටැග් රග්බි’ තරගයක් පැවැත්වේ. 


මෙහිදී ‘මයිලෝ වයිට්’ පිලේ නායකයා ලෙස 1995 වසරේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ පිලේ නායක සංජීව අබේගුණවර්ධන ද, මයිලෝ ග්‍රීන්’ පිලේ නායකයා ලෙස 1996 වසරේ ඉසිපතන පිලේ නායක බන්දුල මල්ලිකාරච්චිද, කටයුතු කරති. 


මෙම තරගයට 2004 වසරේ ‘ජනාධිපති කුසලාන’ ශූරතාව දිනූ මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්‍ෂතම රග්බි ක්‍රීඩකයකු ලෙස සැළකෙන හිටපු ශ්‍රී ලංකා නායක ෆාෂීල් මරීජාද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. 


ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි පිටියේ ප්‍රබල ක්‍රීඩකයන්ව සිටි සහ වර්තමානයේ ද ක්‍රීඩා කරන එරන්ද වීරක්කොඩි, සුල්කි හමීඞ් සහ චාමර විතානගේ යන ක්‍රීඩකයෝ මෙම තරගයට සහභාගි වෙති.


 මෙම තරගයේ සම්බන්ධීකාරකවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්්‍යතම රග්බි විනිසුරුවකු මෙන්ම පරිපාලකයකු වන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.


‘මයිලෝ වයිට්’ කණ්ඩායම:

සංජීව අබේගුණවර්ධන (ශාන්ත පීතර විදුහල - නායක 1995), වජිර හේවගේ (ඉසිපතන විදුහල - නායක 1997), ජනක ද සිල්වා (ඉසිපතන විදුහල - උප නායක 1999), රංග පෙරේරා (ඉසිපතන විදුහල - නායක 2001), දිනේෂ් සිරිවිමල (කිංග්ස්වුඞ් විදුහල - නායක 2003), එරන්ද වීරක්කොඩි (කිංග්ස්වුඞ් විදුහල - නායක 2005), ශානක ගුණසේකර (ශාන්ත පීතර විදුහල - උප නායක - 2007), ජනික් ජයසූරිය (සාන්ත තෝමස් විදුහල - උප නායක 2009), දුමින්ද ආටිගල (රාජකීය විදුහල - නායක 2010), මුරාඞ් රම්සීන් (ත්‍රිත්ව විදුහල - නායක 2011), ගැවින් සීගට්ස් (වෙස්ලි විදුහල - නායක 2011) සහ ලසිඳු කරුණාතිලක (විද්‍යා විද්‍යාල - නායක 2015)

 

මයිලෝ ග්‍රීන්’ කණ්ඩායම:

බන්දුල මල්ලිකාරච්චි (ඉසිපතන විදුහල - නායක 1996), විනෝත් කුරුපුනවෙල (තර්ස්ටන් විදුහල - උප නායක 1998), චාමර විතානගේ (කිංග්ස්වුඞ් විදුහල - නායක 2000), සුල්කි හමීඞ් (රාජකීය විදුහල - නායක 2002), ෆාෂීල් මරීජා (කිංග්ස්වුඞ් විදුහල - නායක 2004), හරේන්ද්‍ර ආරියවංස (ශාන්ත පීතර විදුහල - නායක 2006), පූර්ණක දෙල්පචිත්‍ර (ශාන්ත පිතර විදුහල - නායක 2008), කීත් ගුරුසිංහ (ශාන්ත පීතර විදුහල - නායක 2010), ෂෙනාල් ඩයස් (ඉසිපතන වදිුහල - උප නායක 2012), සෙනාල් දීලක (ඉසිපතන විදුහල - නායක 2014) සහ කුෂාන් ඉඳුනිල් (ඉසිපතන විදුහල - නායක 2016)

 


අදහස් (0)

මයිලෝ වීරයෝ 24 දා යළිත් පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.