Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම පළාත් පිරිමි චෙස් ශූරයා සනීජ

මධ්‍යම පළාත් පිරිමි චෙස් ශූරයා සනීජ

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අන්තර්ජාලය ඔස්සේ පැවැති මධ්‍යම පළාත් ආධුනික (පිරිමි) චෙස් තරගාවලියේ ශූරතාව ධර්මරාජ විද්‍යාලයේ සනීජ ගල්කොටුව විසින් දිනා ගන්නා ලදි. ඔහු මුහුණදුන් තරග වට හතෙන් ලකුණු 6 ලබා ගනිමින් ශූරතාව දිනාගත්තේය.

තරගාවලියේ තරග 7 න් ලකුණු 6 ක් ලබා ගනිමින් තවත් ක්‍රීඩකයින් හතර දෙනෙකු සමඟ සනිජ ගල්කොටුව සම ලකුණු ලබා ගත් නමුත්, චෙස් ක්‍රීඩාවේ සම ලකුණු බේදීමේ නීතියට අනුව එයින් ඉහලම ක්‍රීඩකයා බවට පත්විමත් සමගම ඔහු තරගාවලියේ ශූරතාවය හිමිවිය.

තරගාවලියේ අනු ශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දීප්ත ඒකනායකටද තෙවැනි ස්ථානය මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ  දුමින්ද එදීරිසිංහටද හිමිවිය.

සනීජ ගල්කොටුව විසින්  සුජීව කිරිමැටියාව, නිකේත කරුණානන්ද, ෂාරුක් ෆයිරූස් , එල්. එස්. ඩී. චන්ද්‍රසිරි සහ සුදාන් ප්‍රගතිෂ් යන ක්‍රීඩකයින් පරාජය කරන ලදි. හංසන ගොඩගම්පල සහ දීප්ත ඒකනායක සමග තරග ජය පරාජයකින් තොරව අවසන් විය.

දීප්ත එකනායක විසින් සනූත් ලොකුගේ, ආර්. එම්. එස්. ආර්. බී රත්නතිලක, අනුහස් වැලිගමගේ සහ කේ. පී. එල්. ලියනගේ පරාජයට පත් කළ අතර චිවත් ගුණරත්න සමඟ තරගය ජය පරාජයකින් තොරව අවසන් කළේය.

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ  දුමින්දු එදීරිසිංහ සෙනුක කරුණාරත්න, වෙනුක ගුණරත්න, කවිෂ්ක අලහකොන්, මනිත් සුමනසිංහ, සුදාන් ප්‍රගතිෂ් සහ හංසනගොඩගම්පල  සමග ජයග්‍රහණය කළේය.


අදහස් (0)

මධ්‍යම පළාත් පිරිමි චෙස් ශූරයා සනීජ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.