ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 89 වැනි ජතික බොක්සිං තරගාවලිය දෙසැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
වයස අවුරුදු 18 ත් 40 ත් අතර ආධුනික, අතරමැදි, ස්ටබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලි වලදී ජයග‍්‍රහණ ලැබූ තරගකරුවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැක.
තරගාවලියට සහභාගීවන තරගකරුවන්ගේ බර මැනීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණ 8 වැනිදා පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ කුසපත් ඇදීම පෙරවරු 10.00 සිට සුගතදාස හෝටලයේදී පැවැත්වේ.
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ මලිත් ප‍්‍රභාෂ්වර ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත් වූ අතර ගුවන් හමුදාවේ කේ. ඒ. ශෂිකලා එවර දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම කී‍්‍රඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම කී‍්‍රඩිකාව සහ දක්ෂතම පරාජිකාව සඳහාද කුසලන පිරිනැමේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.