Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (28 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් අතකර ගැනීමට බංගලාදේශ පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට නියමිත ඕවර 50 අවසානයේදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 235 ක් පමණි.
එහිදී බ්‍රෙන්ඩන් ටේලර් (63) සහ සොලමන් මයර් (52) සිම්බාබ්වේ පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත් වුවද, සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් ඔවුන්ගේ එම දස්කම් ප‍්‍රමාණවත් නොවීය.
ශකීබ් අල් හසන්, රුබෙල් හුසේන් සහ ජුබේර් හුසේන් කඩුලූ 2 බැගින් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම අඩපණ කළහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල, නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 256 ක් ලබා සිටියේය.
එහිදී මහමදුල්ලා (නොදැවී 82) සහ මුෂ්ෆිකුර් රහීම් (77) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමූහ.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ නායක මෂ්රෆී මොටාසා, පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කළේය.
නෙවිල් මඞ්සිවා සහ සොලමන් මයර්, සිම්බාබ්වේ පිල වෙනුවෙන් කඩුලූ 3 බැගින් දවාගැනීමට සමත් වූහ.
බංගලාදේශ පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 256
(ටමීම් ඉක්බාල් 16, මහමදුල්ලා නොදැවී 82, මුෂ්ෆිකුර් රහීම් 77, මෂ්රෆී මොටාසා නොදැවී 39, නෙවිල් මඞ්සිවා 60/3, සොලමන් මයර් 49/3, ටෆඞ්සවා කමුන්ගෝසි 36/2)
සිම්බාබ්වේ පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 235
(හැමිල්ටන් මසකඞ්සා 28, වුසී සිබන්ඩා 17, බ්‍රෙන්ඩන් ටේලර් 63, සොලමන් මයර් 52, රේගිස් චකබ්වා 26, ශකීබ් අල් හසන් 28/2, රුබෙල් හුසේන් 48/2, ජුබේර් හුසේන් 42/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.