Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ඉනිමක ජයක්

පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 219 ක ජයක් ලබාගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්විය. මෙම තරගය පිළියන්ද මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රුචිර අධිකාරී (138) ශතකයක්ද තරගය පුරාපන්දුවෙන් දස්කම් දැක්වූ හේෂාන් මදුසංක කඩුලු 8 ක්ද දවාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(රුචිර විජේසුන්දර 80, හේෂාන් මදුසංක 48/3, සඳුන් සත්තර 13/2, සසංක ලක්ෂාන් 20/2)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලුදෙනා දැවී ලකුණු 393
(රුචිර අධිකාරී 138, ජනිත් ඩිල්ශාන් 57, සඳුන් සත්සර 39, ආකාශ් අකලංක 38, හේසර දිල්කිත් 36, සසංක ලක්ෂාන් 21, ලක්ෂාන් චලින්ද 109/4, නදුන් හේෂාන් 105/3, යසිත වීරසිංහ 73/2)

බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී සියලුදෙනා දැවී ලකුණු 50
(පසිඳු ශමිල් 23, හේෂාන් මදුසංක 11/5)


අදහස් (0)

පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.