Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසිය අපරාජිත බව රැකගනී

පොලිසිය අපරාජිත බව රැකගනී

editorial - 2025 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (17 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. 

මෙවර තරගාවලියේදී පොලිස් ක්‍රීඩා සමාජය පිට පිටම ලැබූ 5 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ඔවුන්ට හැකි විය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින පොලිස් කණ්ඩායමට තරගාවලියේ මූලික වටයේදී ඉතිරිව ඇත්තේ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව ඇති තරගය පමණි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩකයෝ ඕවර 45.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. නායක අෂේන් බණ්ඩාර (නොදැවී 32) සහ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 22) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 44 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

පන්දු 40 කදී වාර්තා වූ අෂේන්ගේ ඉනිමට හතරේ පහර 2 ක්ද, පන්දු 24 කදී වාර්තා වූ ප්‍රියමාල්ගේ ඉනිමට හතරේ පහර 2 ක්ද ඇතුළත් විය. ජේසන් ප්‍රනාන්දු පන්දු 62 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 45 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ධනුජ ඉඳුවර පන්දු 102 කින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත් වූයේ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල්ස් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 211 ක් ලබාගත්තේය. ලකුණු 48 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 195 කදී ලකුණු 134 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ හිමාෂ ලියනගේ (73) සහ රවීන් ද සිල්වා (නොදැවී 74) ඒස් කැපිටල්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


ඒස් කැපිටල්ස් පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 211 
(හිමාෂ ලියනගේ 73, රවීන් ද සිල්වා නොදැවී 74, දනාල් හේමානන්ද නොදැවී 14, චාරුක ප්‍රමෝද් 25/2, දිලුම් සුදීර 28/2) 

පොලිස් පිල - ඕවර 45.1 කදී කඩුලු 4 ක් දැවී 212 
(ධනුජ ඉදුවර 73, නදීර බාලසූරිය 22, ජේසන් ප්‍රනාන්දු 45, අෂේන් බණ්ඩාර 32, ප්‍රියමාල් පෙරේරා නොදැවී 22, අනුක විජේවර්ධන 53/3) 


අදහස් (0)

පොලිසිය අපරාජිත බව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.