Last Update  :  2026-01-19 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් ක්‍රීඩකයෝ යුද හමුදාව මෙල්ල කරති

පොලිස් ක්‍රීඩකයෝ යුද හමුදාව මෙල්ල කරති

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දසවැනි සතියේ තරගයක් ලෙස පොලිසිය සහ යුද හමුදාව අතර පෙරේදා (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30-10 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මෙවර තරගාවලියේදී පොලිසිය ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය. 

පොලිස් කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වූ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 17-05 ක් ලෙස පොලිස් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී පොලිස් කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදාව ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධය තුළ පොලිස් කණ්ඩායම උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 13 ක් එකකර ගැනීමට සමත් වෙද්දී, යුද හමුදාවට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ ප්‍රින්ස් චාමර සහ යුද හමුදා කණ්ඩායමේ සුදාරක දික්කුඹුර විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.  

පොලිස් කණ්ඩායම වෙනුවෙන් සුජාන් කොඩිතුවක්කු උත්සාහක දිනුම් 2 ක්ද, හේෂාන් කල්හාර, කලිඔවා මොසෙටඩ්‍රා සහ සමීර ජයසිංහ උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ පසිඳු තාරක විසිනි. යුද හමුදාව වෙනුවෙන් ප්‍රසන්න ජයතුංග සහ තරුන් වර්ණසූරිය උත්සාහක දිනුම් ලබාගැනීට සමත් වූහ.  


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ යුද හමුදාව මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.