(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
දකුණු පළාතේ පාසල් ක්‍රීඩාංගණ 11 ක් සංවර්ධනය කිරීමට පියවර ගත් බව දකුණු පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂක ආර්.එම්.ක්‍රිෂාන් දුමින්ද මහතා කියයි.
මේ සදහා එක් පාසල් ක්‍රීඩාංගණයක් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 32 ක බැගින් රුපියල් ලක්ෂ 352ක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබෙන බව ද ක්‍රිෂාන් මහතා කීවේය.
වෙන්වී ඇති මේ මුදල්වලින් සංවර්ධනය කිරීමට අපේක්ෂිත පාසල් ක්‍රීඩාංගණවල බිම සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු කීවේය.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක යන මහත්වරුන් දෙපළගේ ඉල්ලීම මත මේ පාසල් ක්‍රීඩාංගණ 11 ක සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබේ.
අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය ,ඇල්පිටිය ශාන්ත මරියා කණ්‍යාරාමය, අහංගම ශාරිපුත්‍ර විද්‍යාලය, උඩුගම මහා විද්‍යාලය, මාතර වල්ගම විද්‍යාලය, අකුරැස්ස යටියන මහා විද්‍යාලය, දෙනියාය ඩඩ්ලි සේනානායක විද්‍යාලය, හම්බන්තොට වැලිපට්ටන්විල විද්‍යාලය, තංගල්ල බෙලිඅත්ත විද්‍යාලය සහ වලස්මුල්ල මිද්දෙනිය විද්‍යාලය යන විදුහල් 11 ක ක්‍රීඩාංගණ මෙම මුදලින් සංවර්ධනය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.