Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර ශ්‍රී සුමංගල - කළුතර තිස්ස අවසන් තරගයට සුදුසුකම් ලබති

පානදුර ශ්‍රී සුමංගල - කළුතර තිස්ස අවසන් තරගයට සුදුසුකම් ලබති

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ  II වැනි කොටසේ  ‘ඒ’ තලයේ තරගාවලියේ අවසන් තරගයට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලබා සිටිති. දෙපිල අතර අවසන් තරගය මේ මස 24 සහ 25 දෙදින කොළඹ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජ පිටියේදී පැවැත්වේ. 

පළමු අවසන් පූර්ව තරගයේදී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් තරගයට පිවිසියේය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී වත්තල ලයිසියම් 
ජාත්‍යන්තර පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය යන කණ්ඩායම් දෙකම ලබන 2024/25 තරගවාරයේ සිට අන්තර් පාසල් 19න් පහළ තරගාවලියේදී, පළමු කොටසේ ‘බී’ තලයට උසස්වීම් ලබා සිටිති. 

 

පානදුර ශ්‍රී සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්
ශ්‍රී සුමංගල විද්‍යාලය -  පළමු ඉනිම  188 සහ දෙවැනි ඉනිම කඩුලු 2 ට 123 යි
මාතර රාහුල විද්‍යාලය - පළමු ඉනිම 138 

කළුතර තිස්ස විදුහලට මුල් ඉනිමේ ජයක්
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 138 සහ දෙවැනි ඉනිම කඩුලු 4 ට  163 යි
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම 118 යි


අදහස් (0)

පානදුර ශ්‍රී සුමංගල - කළුතර තිස්ස අවසන් තරගයට සුදුසුකම් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.