Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පස්දුන් කෝරලේ හටන ජය පැරදුමෙන් තොරයි

පස්දුන් කෝරලේ හටන ජය පැරදුමෙන් තොරයි

Nisanka Sandeepani - 2018 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතුගම ශාන්ත මරියා විදුහල සහ මතුගම ආනන්ද සාස්ත්‍රාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 55 වැනි ‘පස්දුන් කෝරලේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද සාස්ත්‍රාලය තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය. දක්ෂ ලෙස පන්දුවට පහරදුන් සිතුම් දේෂාන් (95) සහ රවිඳු චානක (73) එහිදී ආනන්ද සාස්ත්‍රාලය වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වුහ. එහෙත් ඔවුන් දෙදෙනාටම ශතකයක් කරා යෑමට නොහැකි වූහ. 

ආනන්ද සාස්ත්‍රාලයට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. ළහිරු දිල්ෂාන් සහ තිසර රවිෂංක කඩුලු 4 බැගින් දවාගනිමින් සාස්ත්‍රාලය පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ. දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු 4 ත් සමගින් සමස්ත තරගයේදී ලකුණු 108 කට කඩුලු 8 ක් දවාගැනීමට ශාන්ත මරියා විදුහලේ ළහිරු දිල්ෂාන් සමත් විය. 

කාසියේ වාසිය දිනූ ආනන්ද සාස්ත්‍රාලයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහල් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 249 ක් රැස්කළහ.

ශාන්ත මරියා ඉනිමේ කොඳුනාරටිය බවට පත්වූ කොවිඳු කවිෂාන් (101) ශතකයක් ලබාගත් අතර නාමල් මධුෂංක (62) අර්ධ ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා කවිෂාන්ට අනගි සහායක් දුන්නේය. 

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 58.1 කදී සියලු දෙනා දැවී 249 
(කොවිඳු කවිෂාන් 101, නාමල් මධුෂංක 62, එනුල අවිෂ්ක 48/3, කවිඳු තීක්ෂණ 18/2, රවිඳු චානක 32/2, දිල්සර ප්‍රමෝද් 39/2) 

ආනන්ද සාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 112  
(පසිඳු බාෂන 29, සිතුම් දේෂාන් 28, ළහිරු දිල්ෂාන් 20/4, තිසර රවිෂංක 38/4, චමෝද් ඉමාෂ 18/2) 

ආනන්ද සාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 67.5 කදී කඩුලු 6 ක් දැවී 248 
(සිතුම් දේෂාන් 95, රවිඳු චානක 73, එනුල අවිෂ්ක නොදැවී 37, ෂෙහාන් හිරුදික 21, ළහිරු දිල්ෂාන් 88/4, තිසර රවිෂංක 60/2) 

 


අදහස් (0)

පස්දුන් කෝරලේ හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.