Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු 151 කදී ලකුණු 490 ක්

පන්දු 151 කදී ලකුණු 490 ක්

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේ දෙවැනි පෙළ සිමිත ඕවර ක්‍රිකට් තරගාවලියකදී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ශේන් ඩැඞ්ස්වෙල් පන්දු 151 කදී ලකුණු 490 ක් රැස්කරමින් පිතිකරුවකු ඉනිමකදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පසුගියදා සමත් වී තිබේ. හයේ පහර 57 ක් සහ හතරේ පහර 27 කින් ඩැඞ්ස්වෙල්ගේ ඉනිම අලංකාර විය.


ඉන්දීය ක්‍රීඩකයකු වන එස්. සංකෘත් ශ්‍රීරාම් 2014-15 තරග වාරයේදී ජේ.එස්.එස්. ජාත්‍යන්තර පාසල වෙනුවෙන් රැස්කළ ලකුණු 486 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි. වාර්තාව තැබූ පසුගිය සෙනසුරාදා (18 වැනිදා) දිනයේදී ඔහුගේ 20 වැනි උපන් දිනයද යෙදී තිබීමද තවත් සුවිශේෂී සිදුවීමකි.


‘මගේ ජීවිතයේ හොදම දවස අද” යැයි තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශේන් ඩැඞ්ස්වෙල් පවසා තිබේ.


ඩැඞ්ස්වෙල් රැස්කළ ලකුණු 490 ත් සමගින් දී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 677 ක් රැස්කරමින් දෙවැනි පෙළ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කිරීමට සමත්විය. 2007 වසරේදී වෝර්වික් විශ්ව විද්‍යාලීය දෙවැනි පෙළ කණ්ඩායම විසින් නිව්මෑන් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 කට රැස්කළ ලකුණු 629 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි.


ශේන් ඩැඞ්ස්වෙල්ට අනගි සහයක් ලබාදුන් වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ රුආන් හාස්බ්‍රෝක්ද ශතකයක් (නොදැවී 104) රැස්කිරීමට සමත්විය. දරුණු පහර කෑමකට ලක්වූ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායමේ ඬේවිස් ක්‍රෝදර් ඕවර 10 කදී ලකුණු 131 ක් ලබාදුන් අතර එක් කඩුල්ලක් දවා ගැනීමට හැකිවිම ඔහුට සහනයක් විය.


පිතිහරඹයෙන් පමණක් සෑහිමකට පත්නොවූ ශේන් ඩැඞ්ස්වෙල් ඕවර 7 ක් යවමින් ලකුණු 32 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූ අතර ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් රැස්කළ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 387 කින් පරාජයට පත්විය.


අදහස් (0)

පන්දු 151 කදී ලකුණු 490 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.