Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
යුද හමුදාපති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග 8 ක් අද (3 වැනිදා) වනවිට අවසන්වී ඇති අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නොදර්න් වොරියස් පිල සමත්වී ඇත.
සහභාගිවූ තරග 4 ම ජයගත් නොදර්න් වොරියස් පිල ප්‍රසාද ලකුණු 16 ක් ලබාගනිමින් මේ වනවිටත් අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන ඇත.
තරග 4 කට සහභාගිවී ඉන් තරග දෙකක් ජයගත් වෙස්ටන් වොරියස් පිල තරග දෙකක් පරායවී ඇති අතර ප්‍රසාද ලකුණු 8 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.
ඊස්ටන් වොරියස් සහ සදර්න් වොරියස් කණ්ඩායම් තරග 4 කට සහභාගිවී ඉන් එක් තරගයත් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 4 ක් හිමිගෙන ඇත. දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ඊස්ටන් වොරියස් පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයටත්, සදර්න් වොරියස් පිල සිව්වැනි ස්ථානයටත් පත්ව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.