
(ශානුක අරවින්ද)
මෙම වසරේ (2023) අන්තර් සමාජ පළමු පෙළ කාන්තා රග්බි ලීගයේ දෙවැනි සතියේ තරගය ලෙස නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අතර අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 57-10 ක පහසු ජයක් වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 57-10 ක ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෙ සමත් වූ නමුත් දෙවැනි අර්ධයේදී දෙපිලටම ලකුණු ලබාගැනීමට නොහැකි විය.
මෙම තරගයේදී නාවික හමුදා ක්‍රීඩිකාවන් ගෝල දිනුම් 6 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළ අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි. ගුවන් හමුදාව වෙනුවෙන් නිරාෂා වීරසිංහ සහ තරුෂි දිල්සරා එම උත්සාහක දිනුම් දෙක ලබාගත්හ.
නාවික හමුදාව වෙනුවෙන් සන්දිකා හේමකුමාරි සහ ගගනි රන්දුණු උත්සාහක දිනුම් දෙක බැගින්ද, ජයමාලි සමන්තා, ශානිකා මදුමාලි, වාසනා සංජීවනී, සෞම්‍යා සෙව්වන්දි සහ දසුනි ද සිල්වා එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. නිපුනි වරුසවිතාන සහ රන්දිකා කුමුදුමාලි ප්‍රවර්ථන 3 බැගින් සාර්ථක කරගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.