මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ පානදුර මහානාම විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් ලකුණු 60 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට හසිඳු සඳරුවන් (61) සමත් වූ අතර තාරුක ජනිත් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නාලන්දා මැදි විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 173
(හසිඳු සඳරුවන් 61, දසුන් අචිර 30, චානක සමීර 27, පුබුදු දුල්ෂාන් 9/2, කවිඳු නෙත්පහන් 16/2)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 113
(රවිඳු ෂාන් 47, තාරුක ජනිත් 33/4, කවිඳු මඳුරංග 16/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.